වැලිතලාව ආදරෙන් සිඹින මුහුදු රළට
බාධාවක් වෙලා වගේ
කුසු කුසු ගී කියමින්
තාලෙට යන යකඩ පෙට්ටිවලට
වැහි බිඳුවල තරම
දැනෙන්නෙවත් නැතුව ඇති
දොර ජනෙල් වහගෙන
හීතලට ගැහෙමින්
කැදලිවලට පියාඹන සියතුන් රෑනක් වගේ
මිනිස්සු නිවෙස් බලා යනවා
ක්ෂිතය දෙස බලන්නවත් බැරි තරමටම
ඉන්දියන් සාගරයම මීදුමකට
වැහිලා ගිහිල්ලා
ඉර කොහේද සැගවිලා
මුළු ගුවනම කළුම කළුයි
ඒත්......
පරිසරයෙ තියන
චමත්කාර බව
ආලවන්ත කම
බොඳවෙලා පෙනෙන්නෙ
වීදුරුවෙ තැම්පත්වෙලා තියන
තුෂාර බිදු නිසාද
නැත්නම්
නුඹ නැති පාළුවට
මගෙ ඇස් වල පිරුණ
කදුළු කැට නිසාද කියලා
මට තේරෙන් නැත්තෙ ඇයි...
No comments:
Post a Comment