Monday, September 27, 2010



තනියි මට
නුඹ නැතුව
හුදෙකලාව හුරුයි මට
ඒ නුඹ නිසාම
මගේ හෙවනැල්ල
මගේ පණ
නුඹ එන්න 
මා ළඟට
සිටී නම්
මා සමඟ
පෙරදාක මෙන් තවම
සැහැල්ලුයි ජීවිතය
නිදහසේ පියඹන්න
යලි මට 
නුඹ සමඟ
කෙදිනනම් හැකිවේද
ආදරෙයි
 මම තවම
ඒ සුන්දර මතකයට

සෙනෙහසින් මට දුන්න
අඹ නාරං කරඹ
දුව පැන්න වෙල් යාය
ඉපනැල්ල කොළ ගොයම
සුදු කොක්කු මෙන් සැරසි
පියමැන්න විදු පියස
සිනහවී තරගයට
වෙර දුන්න පා පැදිය
ඉමක් නැති වැඩක් නැති
වාචාල බස් වහර
නිදිකිරා වැටෙන තුරු
කල පාසල් වැඩද

අද තැවෙයි අපි නැතිව
ගම්මානයේ සැවොම
දනී නම් මම එදින
දුරස්  වන බව මෙලෙස
කෙදිනවත් නොපතාවි
ලැබූ සරසවි වරම
වෙර බදිමි කාලයට
නුඹ මා දුරස් කලට

අපේ පුංචි සංධියට
ආයෙත් දුවල යන්න
කවමදාකවත් බැරිද 
ආදරෙයි මම
හැම තත්පරයකටම
නුඹ සමඟ
ගත කරපු

මගේ පණ
නුඹ එන්න 
මා ළඟට
තනියි මට 
නුඹ නැතිව













4 comments:

  1. ඒ අතීතය ගොඩක් සුන්දරයි වගේ...

    ReplyDelete
  2. ඔව් හුගා...........ක්
    කවදාවත් අමතක වෙන් නැති තරම්

    ReplyDelete
  3. ඉපනැල්ලෙ බැන්ද සෙනෙහෙ
    හද රිද්දුවට යාලුවේ
    මතකය හිත ඇතුලෙ හිරකරන්
    ඉවසාන ඉඳපන්
    නුඹ වෛර කරපු කාලයම
    නුඹට තිළිණ කරාවි
    අමතක කරන්න බැරි අතීතයට වඩා
    හුඟාක් ලස්සන අනාවක්...........

    ReplyDelete