කුරුළු කථාව දෙවන දිගහැරුම
සීතල දැනෙනවා අම්මේ බෑ ඉවසන්න
උණුසුම දැනෙනට අම්මේ මෙහි එන්න
ලෝකය අළුත් නිවසක් බෑ වැටහා ගන්න
මේ මොන කරුමයක්දෝ තේරුම් ගන්න
වදනින් නොපැසුවවද පැටියා මේ ලෙසට
හැගුමන් හැගේ වෙව්ලන්නට වූ කලට
අවසන් ගමන් යයි ඉවසනු බැරි වු වාට
අම්මා නොමැති කල අප්පා මක් කරන්නට
කුරුළු කතාවේ අවසානය මෙය වූවාය
කුරුළු පවුල විසීරී බිම වැටුණා ය
කිසිම හැගුම් නැති වූවෙකු වාගේය
යකඩ පිහාටුනම් කවමත් කැරකෙනවාය
No comments:
Post a Comment