Saturday, February 11, 2012



කුරුළු කථාව දෙවන දිගහැරුම



සීතල දැනෙනවා අම්මේ බෑ          ඉවසන්න
උණුසුම දැනෙනට අම්මේ මෙහි        එන්න
ලෝකය අළුත් නිවසක් බෑ වැටහා      ගන්න
මේ මොන කරුමයක්දෝ තේරුම්     ගන්න

වදනින් නොපැසුවවද පැටියා මේ       ලෙසට
හැගුමන් හැගේ වෙව්ලන්නට වූ          කලට
අවසන් ගමන් යයි ඉවසනු බැරි වු          වාට
අම්මා නොමැති කල අප්පා මක්    කරන්නට

කුරුළු කතාවේ අවසානය මෙය          වූවාය
කුරුළු පවුල විසීරී බිම     වැටුණා            ය
කිසිම හැගුම් නැති වූවෙකු              වාගේය
යකඩ පිහාටුනම් කවමත්       කැරකෙනවාය

Friday, February 10, 2012

කුරුළු කථාවේ පළමු දිගහැරුම



පිහාටුවලට දරන්න බැරි
යකඩ තටුවල දරදඩුබව
අම්මා කෙනෙක්ගෙන්
දරුවෙක්ව
පියාදර සැමියෙක්ගෙන
තම පියම්බිකාව
වෙන්කරන්න පුළුවන් වුණාද
ජීවිතේ හැටි
මිනිසුනේ නුඹල පමණද
නැත නොහැගෙයිද
උරුමයි හැම සතෙකුටම
මරණය

Sunday, February 5, 2012


දෙවන ආදර කතාවේ අවසාන පරිච්ඡේදය


සීතල හුළගක මුදු පහස විදිනකොට 
හිතට ගතට දැනෙන සිනීපෙ
ආදරෙන් ඉන්නකොට දැනෙනවනම්
කුරුළු පිහාටුවක් පාවෙනවා වගේ
සැහැල්ලුවක් හිතට දැනෙනවනම්
එතන ඇත්තටම ආදරේ තියනවා
ආදරේ කරන්න ආදරේ ලබන්න
ආදරෙන් ජීවත්වෙන්න 
සතුටයි ඕන
දුක තියෙන්න විදියක් නෑ එතන
කඳුල තියනවනම් ඒක සතුටු කදුලක් මිසක්
ආදරේ වේදනාවට උනන කදුලක් වෙන්න බැහැ
එහෙම වෙනවනම් එතන ආදරයක් නෑ
ආත්මාර්තකාමී හැගීමක් විතරයි තියෙන්නේ
අනෙකගෙ සතුට 
හැමදේටම වඩා වටිනවනම්
අනෙකගෙ කදුලට තිත තියන්න හිතෙනවනම්
තනිනොකරන්න හිතෙනවනම්
එතනයි ආදරය තියෙන්නෙ
ඇස්දෙක දිහා බලන් ඉන්නකොට
මුළු ලෝකෙම අමතකවෙනවනම්
එතනයි ආදරය
හැම තප්පරයම හැම ඇහි පිහන වාරයක් පාසාම
අනෙකගෙ හදවත දැනෙනවනම්
එතනයි ආදරය
අනෙකගෙ සතුට කවදාවත්
තමන්ගෙ දුක වෙනවනම්
එතන ආදරෙ නැහැ
එතන තියෙන්නෙ
මෝඩකම
අනෙකගෙ සතුට නැතිකරලහරි
තමන් සතුටු වෙනවනම්
එතන තියෙන්නෙ
තණ්හාව
සැපේදිත් දුකේදිත්
එකිනෙකා ඉන්නවනම්
එකිනෙකා වෙනුවෙන්ම
එකිනෙකා දුක නොදෙනවනම්
එකිනෙකාටම
එතන ආදරෙ දළුලනවා
එහෙම නොවුනොත්
දෙවන ආදර කතාවෙ හෝ 
අවසාන පරිච්ඡේදයට
නැවතීමේ තිත තියන්න 
අවසර දෙන්න වෙනව
හදවත්වලට එකගවම