දයාබර මෛත්‍රීහාමි,
ඉතින් නුඹ කියාපන්
නුඹේ වත ගොත අද
හැරමිටියෙ වාරුවට
හෙමින් සීරුවෙ
පියමනින නුඹට
සිහිනෙන්වත් පෙනෙනවද
ඒ කුළ හීනයාව
නුඹේ තුරුලේ හැදුණ
හීන කුළ නොදරුවට....
නුඹේ දෙතනේ
වංශවත් කිරි
හැබෑවටම වෑරුණාද
දරුදඩු වූ නුඹේ සිතට
මාන පිරුණු නුඹේම
දෙමව්පියන්ගේ හිතට
දැනුනෙම නැති ද
නුඹේ දරුවට ඕන
පිය සෙනෙහස
කොහොමද නුඹ
රැකගත්තේ නුඹේ
කුළ හීන නොදරුවව
නුඹේ වංශවත් ගේ තුළ
කියාපන් මට............
දැනගන්න ආසයි
නුඹ හැර දමා ආ
ඒ කුළ හීනයා ගැන
නුඹට පෙම් කළ
වැටහෙන්න නැතුව ඇති
නුඹ අම්මා තාත්තට
උන් නැති කළ තොපව
රැකගනී කියා
කුළ හීන නොදරුවාම
අනේ නුඹෙ අපූරුව
හිතක් නැති හැරමිටිය
දරාගෙන නුඹේ වත
තෙරක් නැති මාන්නය
තවමත් නුඹ සතුව
නුඹේ බැල්මට කදිම
නුඹේ ගැස්මත් සමග
කියයි එය අපූරුවට ........