හිතට දුකක් ආ විගසින්
නෙතඟ කඳුළු වැටුණ නමුදු
තරහ ගන්න එපා සබඳ
මා පවසන වදන් වලට
වෙනකකු වෙත දුක කීවොත්
නිදහස් වෙයි මගේ මනස
ලගින් සිටිය මිතුර ඔබට
නොතේරුණේ මන්ද මාව
සත්තයි එය අමිහිරිනම්
නොකියමි මින් කවරදාක
ඔබට හෑල්ලක් බඳු වූ
මගෙ ආදර කතා පුවත
ආශාවත් ලෝභකමත්
ආදර හැගුමක කොටසක්
හදේ නැගෙන අමුතු දෙයක්
නෙහැගෙන්නේ ඔබ වෙනකෙක්