Saturday, April 23, 2011


මම හිනාවෙනවා හදවතින්
අඩන්න බැරි නිසා නෙමෙයි
කවමදාකවත් දැකපු නැති සැහැල්ලුවක්
ඔයාගෙ ඇස්වල තියනවා දැකලා
මට සතුටක් දැනෙනවා 
මගෙ ආදරෙ ලැබුණ නිසා නෙමෙයි
ඔයාට ඔයාගෙ ආදරේ ලැබුණ නිසා
මට ලංවෙන්න හිතෙනවා
වෙනද වගෙ ඔයාට නෙමෙයි
ඔයාට ලං වෙන්න හදන කෙනා ලඟට
මම ඉකිගහනවා හුගාක් හයියෙන්
දුකකට එහෙම නෙමෙයි
තාමත් මාව දැනේද බලන්න
ඒත්.................................
මම වෛර කරාවි හැමදාම
මාව දාලා යන නිසා ඔයාට නෙමෙයි
අපි නොදැනීම ලොකු කරපු කාලයට