Sunday, November 14, 2010

සිනාසෙන්න හඩනගා
පෙරදිනක මෙන් නැවත
හිරකරන් නුඹේ දුක
දුරගියද නුඹ මව්
ඇය නුඹ සමීපයෙම
වැජඹෙයි නිතිපතා
හුස්ම ගනින් නුඹ
ඇයටත් එක්කම
බලන් නුඹ
නුඹේ සෙවනැල්ල දෙස
මවයි එය ඇය රුවව
හිතපන් හැමදාම
ඇය හැර නොයන බව
ඔබව
වසන් කරන්නට බෑ මට මගෙ හිත
පෙම් මල් පූදිනවා ......................

දහස් ගණනින් පෙරුමන් පුරලා
හිසකෙස් ගණනක පැතුමන් අතරින්
මා පැතු කුමරා අද මා අභියස
අතිනත ගන්නට පැමිණෙනවා
හිතේ හිරකරන් ඔහු වෙත දෙන්නට
පොදිබැදගෙන ආ සිතුවිලි සේරම
දුන්හිඳ කුමරිගෙ පිණිබිඳු අයුරින්
ඔහු හද පත්ලට වෑසෙනවා
මීදුම අතරින් දළුලන හිරු මෙන්
ඔහු මා සිත ලඟ සැනසෙනවා
කුළුදුල් පේමයේ ආදර හැඟුමන්
කුමරැනි ඔබ වෙත පුදදෙනවා......