Thursday, April 27, 2017

Add caption

Sunday, February 5, 2017

Thursday, November 17, 2016

Tuesday, November 1, 2016

සුදු නෙළුම් මල් පොකුර
දෝතින් රැගෙන මම
සෙමෙන් පා තබන කළ
හිතට දැනෙනා සුවය
අපූර්ව යි
දළඳා හාමුදුරුවනේ.......

Thursday, October 15, 2015


පෙමට ලොබකම්
නුඹට නැතිනම් ..
කුමට කවිකම් ...
විරහ මටනම් .....

Monday, October 12, 2015

සඳ දුර බව දැන දැනත් 
සද එළියට ආල වඩන
පිපෙන නිල් උපුලියකි 
හෙට අමාවක බව නොදැන...

Tuesday, November 25, 2014



දයාබර මෛත්‍රීහාමි,
ඉතින් නුඹ කියාපන්
නුඹේ වත ගොත අද
හැරමිටියෙ වාරුවට
හෙමින් සීරුවෙ
පියමනින නුඹට
සිහිනෙන්වත් පෙනෙනවද
ඒ කුළ හීනයාව
නුඹේ තුරුලේ හැදුණ
හීන කුළ නොදරුවට....
නුඹේ දෙතනේ
වංශවත් කිරි
හැබෑවටම වෑරුණාද
දරුදඩු වූ නුඹේ සිතට
මාන පිරුණු නුඹේම
දෙමව්පියන්ගේ හිතට
දැනුනෙම නැති ද
නුඹේ දරුවට ඕන
පිය සෙනෙහස
කොහොමද නුඹ
රැකගත්තේ නුඹේ
කුළ හීන නොදරුවව
නු‍ඹේ වංශවත් ගේ තුළ
කියාපන් මට............
දැනගන්න‍ ආසයි
නුඹ හැර දමා ආ
ඒ කුළ හීනයා ගැන
නුඹට පෙම් කළ
වැ‍ටහෙන්න නැතුව ඇති
නුඹ අම්මා තාත්තට
උන් නැති කළ තොපව
රැකගනී කියා
කුළ හීන නොදරුවාම
අනේ නුඹෙ අපූරුව
හිතක් නැති හැරමිටිය
දරාගෙන නුඹේ වත
තෙරක් නැති මාන්නය
තවමත් නුඹ සතුව
නුඹේ බැල්මට කදිම
නුඹේ ගැස්මත් සමග
කියයි එය අපූරුවට ........